සසුනට සවිය වැඩසටහන

ශ‍්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ‍්‍රැත භාවයෙන් සහ ධර්මානු ධම්මව වැඩ සිටින තුරු සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා වනු ඇත. සම්බුද්ධ දේශනය ද එයයි. වර්තමානය වන විට ශි‍්‍ර ලංකාවේ සංඛ්‍යාත්මක වශයෙන් භික්ෂු පිරිස සීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතී. විහාරස්ථාන වැසී යන අවස්ථාද තිබේ. ඊට ප‍්‍රධාන හේතුන් ලෙස,

  1. පැවිදි වන පිරිස අඩුවීම
  2. උපැවදි වන සංඛ්‍යාව වැඩි වීම
දැක්විය හැකිය.


මෙම තත්‍වය පරීක්‍ෂා කර බැලීමේදී කුල දරුවන් පැවදි කිරීම, පැවිද්ද ලබා සිටින අය ආරක්‍ෂා කරගැනීම, විහාරස්ථාන සංවර්ධනය කිරීම, මෙන්ම ග‍්‍රාමීය සහ නාගරික විහාරස්ථාන වල තුරුණු භික්ෂූන් වහන්සේලා සමාජයේ විපර්යකාරකයින් ලෙස මනා ලෙස පුහුණු කොට බෞද්ධ සමාජ සංවර්ධන වැඩ සටහන් සහ ඊට අයත් සමාජ හර පද්ධතීන් පිළිබඳව හැකියාව දැනුම සහ ආකල්ප වර්ධනය කොට ෙඓතිහාසිත වශයෙන් භික්ෂූන්ට උරුම වූ සංස්කෘතිකමය සහ සමාජමය වූ අගයන්ගෙන් පිරිපුන් ගුණවත් විනයගරුක සහ කැපවීමෙන් ක‍්‍රියාකරන භික්ෂූන් බහන්සේ නමක් ලෙස උන්වහන්සේලාගේ පෞරුෂය ගොඩනැගීම සහ සමාජ පීඩාවන් සුවපත් කිරීමේ උපදේශකයෙකු ලෙස උන්වහන්සේගේ කාර්්‍යභාරය අර්ථවත් කිරීම සිදු කළ යුතුව ඇත.
''සසුනට සවිය'' වැඩසටහන යටතේ සාමණේර භික්ෂූන්ගේ අධ්‍යාපනය, සිව්පස අවශ්‍යතා සහ ඉහත සඳහන් පරමාර්ථ ඇතුළත් බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා වූ භික්ෂු පුහුණු වැඩ සටහන් සංවිධානය කොට පවත්වා ගෙන යනු ලැබේ. දිවයිනේ සෑම විහාරස්ථානයකින්ම එක් තරුණ භික්ෂූන් වහන්සේ නමක් බැ`ගින් තෝරාගෙන බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා වූ ග‍්‍රාමීය කළමණාකරුවෙකු ලෙස න්‍යායාත්මක සහ ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීම මේ යටතේ සිදුවනු ඇත.
''පුත්තා වත්ථු මන්ස්සානං'' යන බුදු වදනට අනුව මව් පියන්ට තම දරුවන් උතුම් සම්පතකි. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තම වටිනා සම්පත පරිත්‍යාග කළ මව්පියන් ඇගයීමට ලක් නොවිම භික්ෂූන් වහන්සේලාගේ බලවත් කණගාටුවට හේතුවකි. ශාසනය වෙනුවෙන් තම දරුවන් පූජා කළ ජීවත්ව සිටින දෙමව්පියන් පිළිබඳ තොරතුරු සොයාබලා උපකාර කිරීම මෙන්ම තම දරුවන් සසුනට පූජාකළ දෙමව්පියන් ඇගයීමකට ලක් කිරීම තුළින් දෙමව්පියන් තුළ අභිමානයක් සහ ගෞරවයක් ජනිත කිරීම හා තම දරුවන්ද සසුනට පූජා කිරීම කෙරෙහි සෙසු මව්පියන් තුළ පෙළඹවීමක් ඇති කරවීමද මේ තුළින් අපේක්‍ෂා කරන අතර ''බුදුපුත් මාපිය හරසර'' නමින් මෙම වැඩසටහන නම් කෙරෙනු ඇත. දිවයිනේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන ඉරිදා දහම් පාසල ක‍්‍රමවත් ධර්මායතනයක් බවට පත්කිරිම සඳහා දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් ගුරු පුහුණු වැඩසටහන් සහ ගුරුවරුන්ගේ පෞර්ෂ්‍යය වර්ධනය සඳහා වූ නායකත්ව පුහුණු වැඩසටහන් පැවැත්වීම.