පුරාණ ශ‍්‍රී මහා විශ්ණු මහා දේවාලය සංවර්ධන පදනම

සමාජ සංවර්ධන ව්‍යාපෘතිය

ශ‍්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පඬුවස්නුවර මැතිවරණ බල ප‍්‍රදේශයේ පඬුස්නුවර නැගෙනහිර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොළඹගම ග‍්‍රාම නිළධාරි බල ප‍්‍රදේශය තුළ කොළඹගම ශ‍්‍රී මියුගුණාරාම රාජමහා විහාරය පිහිටා ඇත. දෙවන පෑතිස් රජ සමයේ සිට පැවතගෙන එන කොළඹගම ශ‍්‍රී මියුගුණාරාම රජමහා විහාරය අංග සම්පූර්ණ විහාරාරාංග වලින් සමන්විතය.

රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් ගෞරව භක්ත්‍යාදරයෙන් පුදනු ලබන පූජනීය ස්ථානයකි. ශ‍්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානය ඓතිහාසික බෝධින් වහන්සේගෙන් සහ චෛත්‍යරාජයාණන් වහන්සේගෙන් පූජනීයත්වයට පත්ව ඇති අතර, නුවර යුගයේ මුල් කාලයේ සිට එක්වූ ටැම්පිට විහාරය සහ පුරාතන ශ‍්‍රී විෂ්ණු දේව ප‍්‍රතිමාව නිසා ආගමික පුද පූජා සහ සිරිත් විරිත් වලින් නිබඳව ගරු බුහුමන් ලබන, එහි දායක කාරකාදීන්ගේ සුවසෙත සඳහා අතිමහත් ආධ්‍යාත්මික සේවාවක් සලසන පූජනීය සිද්ධස්ථානයකි.
ශ‍්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයට අයත් දායක ගම්මාන 40 කට ආසන්න ප‍්‍රමාණයට අමතරව, දිවයින පුරා විසිරී සිටින අතිමහත් බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වූ මෙම විහාරස්ථානය එහි වූ ශී‍්‍ර විෂ්ණු දේව ප‍්‍රතිමාව සහිත ටැම්පිට විහාර මන්දිරය නිසා හින්දු සහ වෙනත් ආගමික භක්තිකයන්ගේ ද පුද පූජාවන්ගෙන් ද බහු මානයට පත්ව ඇත්තේය. මෙම විහාරස්ථානයේ වඩාත් සුවිශේෂි වූ ආගමික පුද පූජා සහ සාම්ප‍්‍රදායික වත් පිළිවෙත් ම`ගින් නිබඳවම බුහුමන් ලබන ශ‍්‍රී විෂ්ණු දේවාලය මහා දේවාලය ලෙස සළකා ග‍්‍රාමීය සිද්ධස්ථාන ලෙස පුරාණයේ සිට පිහිටුවා තිබෙන දෑලේ දේවාලයන්ද, පුද පූජා තබන්නට මහත් මානසික සුවයක් සලසන අතිශය හාස්කම් වලින් යුත් ස්ථාන වේ.
සෘජුවම ගොවිතැන හා බැඳුණු වප් ම`ගුලේ සිට අස්වැන්න නෙළන තෙක් පවතින පුද පූජා ම`ගින් සිංහල සංස්කෘතියේ පැවැත්ම තහවුරු කෙරෙන මෙම ශ‍්‍රී විෂ්ණු දේවාලයත් එහි පරිවාර දේවාලත් රැුකගැනීම, ඒවායේ පෞරාණික චාරිත‍්‍ර වාරිත‍්‍ර ක‍්‍රියාත්මක කරවීම, බැතිමතුන් වෙත මානසික සහ ආධ්‍යාත්මික සුවයත් නියමාකාරයෙන් සලසන එම වත් පිළිවෙත් අනුගමනය කිරීම ශ‍්‍රී මියුගුණාරාම රජමහා විහාරයේ නේවාසික භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබයි. මීට අමතරව මෙම විහාරස්ථානය සහ ශ‍්‍රී විෂ්ණු දේවාලය ආශ‍්‍රිතව විහිදී ගිය පෞරාණික වෛද්‍ය පරම්පරාවන්, කලා ශිල්ප පරම්පරාවන් රාශියක් වර්තමානයේ ක‍්‍රියාත්මක වෙමින් තම මුතුන් මිත්තන්ගේ දැනුම් සම්භාරය රැුක ගනිමින් සහ පෝෂණය කරමින් ජීවත් වීමද අතිශයින් අගය කළ යුතු අතර, එය රජයේ සහ වෙනත් ආයතනවල අවධානයට යොමු විය යුතු කරුණකි.

කොළඹ ශී මියුගුණාරාම රාජමහා විහාරයට සෘජුවම අනුබද්ධ වූ විහාරස්ථාන රාශියකි. වඳරැුස්ස ශ‍්‍රී බෝධි රැුක්ඛාරාමය, මිදෙල්ලව ශ‍්‍රී සුධර්මාරාමය, වැඩඋන්ගල ශ‍්‍රී ශෛලතලාරාමය, පාණකඩුව ශ‍්‍රී රුපුසිංහ විජයාරාමය, පොතුහැර ශ‍්‍රී සුමනාරාමය, කුරුණෑගල දකුණු වැව රවුම් පාරේ ශ‍්‍රී ශෛලතලාරාමය යන විහාරස්ථාන සහ ඒ සම`ග අනුබද්ධ වූ දහස් සංඛ්‍යාත දායක ප‍්‍රජාවද, ඔවුන්ගේ ආධ්‍යාත්මික හා සියළු පොදු කටයුතු ද විහාරස්ථානය හා අනුබද්ධ පුරාණ දේවාලයන්හි පුද සිරිත් වතාවත් සියල්ල ද කොළඹගම රාජමහා විහාරය සහ එහි ප‍්‍රධාන දේවාලය වන පුරාණ ශ‍්‍රී මහා විෂ්ණු දේවාලය ම`ගින් සිදුකරනු ලබන අතර, පුරාණ එරුංකඬේ යාපා බණ්ඩාර දේවාලය සහ ගල්ලැහැපිටියේ පුරාණ ගලේ බණ්ඩාර දේවාලයද, කොළඹගම රාජමහා විහාරස්ථ පුරාණ ශ‍්‍රී විෂ්ණු මහා දේවාලයට අනුබද්ධ පිටිසරබද දේවාලයන්ය.
උදාහරණයක් ලෙස දේශීය සහ ප‍්‍රජනන සහ මාතෘ වෙදකම, සාම්ප‍්‍රදායික සිංහල නැටුම් කලාව සහ බලි තොවිල් යාග ආදී සාම්ප‍්‍රදායික වත් පිළිවෙත් සහ පුරාණ සර්වාංග වෙදකම මෙම දේවාල ආශිතව ක‍්‍රියාත්මක වීම පෙන්වා දිය හැකිය. ඓතිහාසික කෘෂිකර්ම සිරිත් විරිත් වලින් පෝෂිත වූ කුඩා වැව් ආශ‍්‍රිත ගම්මාන වල ජිවත් වන ගැමියන්ගේ සාඩම්බර උරුමයක හිමිකරුවෙකු ලෙස මෙම ශ‍්‍රී මියුගුණාරාම රාජමහා විහාරස්ථානය, එහි ශ‍්‍රී විෂ්ණු දේවාලය සහ ආශ‍්‍රිත සෑම දේවාල පද්ධතිය ම`ගින් ඓතිහාසිකව තහවුරු කොට ඇත්තේය. සිංහලයේ හර පද්ධතිය ලෙස විහිදී ගිය මෙම ඓතිහාසික සංස්කෘතිකාංග ජාතියේ දෙවන පරම්පරාව වෙනුවෙන් රැුකගත යුත්තේය. පෝෂණය කළ යුත්තේය. ඉහත කාරණා මත පදනම් වූ වැව්, ගම් ආශ‍්‍රිතව වැඞී විහිදී ගිය සාඩම්බර උරුමය රැුකබලාගැනීමේලා එක් ව්‍යායාමයක් ලෙස කොළඹගම ශ‍්‍රී මියුගුණාරාම රාජමහා විහාරය ආශ‍්‍රිත පුරාණ ශ‍්‍රී මහා විෂ්ණු දේවාලය සංවර්ධන සභාව පිහිටුවීමේ කාර්යය සිදුකරන ලදී.
ඉහත සඳහන් ෙඓතිහාසික තොරතුරු පදනම් කරගෙන ආරම්භ කරන ලද ''පුරාණ ශ‍්‍රී මහා විෂ්ණු දේවාලය සංවර්ධන පදනම'' නම් වූ සමාජ සේවා රාජ්‍ය නොවන සංවිධානය ම`ගින් ඉටු කරනු ලබන විවිධ ආධ්‍යාත්මික හා සමාජ සංවර්ධන කටයුතු අතර S 4 වැඩසටහන ප‍්‍රමුඛස්ථානය ගනු ලබයි. ශ‍්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් අත් 04 කින් විද්‍යාමාන වන බව හින්දු බැතිමතුනගේ විශ්වාසයයි. අප සංවිධානය ම`ගින් එයට කාලීන අර්ථකථනයක් ලබාදෙමින් S 4 වැඩසටහන නමින් පහත සඳහන් අයුරින් එය ක‍්‍රියාත්මක කරනු ලබයි.